පිටු

Monday, November 10, 2014

සඳට අමතක රැයක පසුයම



තුරු පත් අගින් බේරි බේරී
වැටෙයි පිණි කැට
සට සට...

සඳට අමතක
රැයක පසු යම
හීත හී තුඩු ළයේ ඇමිණී
ගැහෙයි හදවත...

පිච්ච කැකුලක
සුවඳ පාවී
ලිහෙයි හෙමිහිට
නිදි ගැට...

විවර වූ කවුළු තිර
ඇසිපියක තවරයි
පහන් තරුවක
මඳහස..

හෙමින් පිබිදෙන
පෙමින් නැහැවෙන
ලොවක් අබියස
සුසුම වුව සිහිල ය
නිවෙයි හදවත....

5 comments:

  1. කවි දෙකම අපූරුයි තරු අක්කා... අපරාදෙ පෝස්ට් දෙක්කට දාන්න තිබ්බ ඇත්තටම අපූරු ලස්සන කවි නිර්මාණ දෙකක්....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අදහස අගෙයි... ඔන්න මම කවි දෙකක් විදියට පළ කලා.

      Delete
    2. හ්ම් ඒකත් හොදයි

      Delete
  2. ලස්සන කවි සිත්තමක් !!

    ReplyDelete
  3. අපුරු පද පෙළක්.මේක මඟ හැරුනේ එකම දවසේ දෙකම දාපු නිසා වෙන්න ඇති.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...