පිටු

Wednesday, April 25, 2012

තරු ලකුණක්ද ? ගිනි දළුවක්ද ?



විරහ කඳුලැලි ගඟක පාවී
වියෝ දුක් ගිනි සුළ රැ‍ල‍්ලේ
අතරමං වී ඔහේ පාවී
පාළු නිම්නෙට ඇදී ආවෙම්...

මගේ දුක් ගිනි මටම පවරා
අනුන් දුක් ගිනි නිවනු රිසියෙන්
ලොවේ යහපත නිසා කැප වී
ජීවිතේ දිගු කලක් ගෙව්වෙම්....

සැනසුමෙන් දිවි ගෙවෙන අතරේ
හුදකලාවම මිහිරි සැපකැයි
සිතා දිවි මග තනිව යන්නට
පෙර දවස මා පැතුම් පිරුවෙම්....


නොසිතු මොහොතක සෙමින් පතිතව
ප්‍රේමයේ නව අරුණු දහරක්
හුදකලා ලොව එළිය කරනට
මෙත් සිතින් අද කරයි ඇරයුම්.....

අවසරයි හද දොර අරින්නට
හදේ සපුරා ලැගුම් ගන්නට
ජීවිතේ දිගු ගමන යන්නට
ආදරේ තරු ලකුණ වන්නට.....

4 comments:

  1. මෙත් සිතින් ඇරයුමක් ලැබුනට
    ඔබේ හද දොර අගුළු හැරියට
    ජීවිතේ සතුටින් ගෙවෙන්නට
    මෙන්න අපෙනුත් සුභපැතුම් !

    ReplyDelete
    Replies
    1. හුදකලාවත් සුන්දරයි.... ආදරයත් සුන්දරයි.... විඳින්න පුළුවන් නම් ජීවිතේම සුන්දරයි... එහෙම නේද?

      Delete
    2. විඳින්න පුළුවන්නම් ජීවිතේම සුන්දරයි.....
      අනිවාර්යෙන් මමත් එකඟයි.

      Delete
  2. Sthutui dakkama sundara arauma .................

    Hudakala Tharu kate eliya karannata .............

    Nagewa Nawa SADAK sundara hadawathak samagin .........

    Hamadawath wagema subapathum magen...........

    Jayana

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...